අන්තර්ජාලය ඔස්සේ විවිධ දෑ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අප ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංග භාවිතා කරනවා. එසේ භාවිතා කරන මෘදුකාංග අතර Internet Download Manager මෘදුකාංගය ඉතාමත් ප්‍රසිද්ධයි. නමුත් එය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවන නිසා බොහෝ පිරිස් ව්‍යාජ අන්දමින් එය භාවිතා කරනවා. ව්‍යාජ මෘදුකාංග භාවිතා නොකොට IDM මෘදුකාංගය සතු සියලු පහසුකම් එලෙසම ලබාදෙන ඉතාමත් හොඳ මට්ටමේ නොමිලේ දෙන මෘදුකාංගයක් ගැනයි මේ. මෙම මෘදුකාංගය නොමිලේ දෙන ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංග අතර ඉහලින්ම තිබෙන මෘදුකාංගයක්.
මෙම මෘදුකාංගය EagleGet Download Manager ලෙස නම් කොට තිබෙනවා. Youtube, Vimeo වැනි වීඩියෝ ෂෙයාරිං වෙබ් අඩවි වල ඇති වීඩියෝස් පහසුවෙන් බාගත කර ගැඊඅට, සාමාන්‍ය ඩවුන්ලෝඩ් වේගවත් කර ගැනීමට, ඩවුන්ලෝඩ්ස් pause හා resume කිරීමට මෙම මෘදුකාංගය මගින් ඉඩ සැලසෙනවා. EXE, ZIP, MP3, MP4, WAV, PDF, AAC ආදී බොහෝ ෆයිල් වර්ග EagleGet මගින් පහසුවෙන්ම බාගත කර ගැනීමට පුළුවන්. එසේම ඒවා Media, Documents, Software සහ Compressed ලෙස වර්ග කර පෙන්වීමටද මෘදුකාංගය සමත්කොබ භාවිතා කරන්නේ Firefox හෝ Google Chrome නම් EagleGet ඒ සඳහා හොඳින්ම සහය දක්වනවා. මෙතරම් පහසුකම් රැසක් ඔබ වෙත ගෙන එන මෘදුකාංගයේ විශාලත්වය මෙගා බයිට් 4ක් පමණයි. එය පහත සබැඳියෙන් බාගත කර ගැනීමට පුළුවන්.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)