Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, February 22, 2016

අන්තර්ජාලය භාවිතයේදී එන Error Messages තේරුම් ගනිමු!

 සුබ දවසක් යාළුවනේ මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා නොකරන කෙනෙක් මේ වන විට හොයාගන්නත් නොහැකි තරම්. ඒ උනාට අපි දන්නවා අන්තර්ජාලය භාවිතා කරනකොට ගොඩක් වෙලාවට නොයෙක් බාධක එනවා. ඒ අතරින් අපිට එන ලොකුම ප්‍රශ්නය තමා web pages පෙන්වන්නෙ නැති වීම. ඊට හේතුව වශයෙන් අපගේ web browser එක විවිධ error messages පෙන්නනවා. ඒ message මගින් අපිට පෙන්නනවා මොකද්ද ඇති වෙලා තියන දෝෂය කියල. ගොඩක් වෙලාවට මේවා පෙන්නන්නේ යම් අංකයක් සමග. එත් අපිට කොහමද ඕව තේරෙන්නේ? නේද?

ඒක නිසා ඔය කියන error එක මොකද්ද කියල අපි හරියටම තේරුම්ගත්තොත් අපිට පුළුවන් නේද අපේ දෝෂය හොයාගෙන ඒකට විසදුම හොයාගන්න. අන්න ඒක නිසා මම අද ඒ error messages වල තේරුම කියලා දෙන්න හදන්නේ.

1). 400 Bad Request
මෙමගින් අදහස් කරන්නේ ඔබ type කර ඇති web address එකේ වරදක් තිබෙන බවයි.මෙවැනි error එකක් ලැබුණු පසු කල යුත්තේ web ලිපිනයේ නිරවද්‍යතාවය තහවුරු කරගැනීමයි. මෙහෙදී ලිපිනයට අදාල ඉලක්කම් ආදිය පිළිබද සැලකිලිමත් විය යුතුය.
2). 404 page not found
web අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම , web අඩවියේ ඇතම් පිටු මකා දමා තිබීම වැනි හේතු නිසා මෙම error එක පැමිණිය හැක. web අඩවියේ ලිපිනය වෙනස් කර තිබීමද හේතු විය හැක. ඇතැම් විට web පිටුව refresh කිරීමෙන් මෙය නිවැරදි කර ගත හැක.
3). 403 Forbidden
මෙයින් අදහස් වන්නේ ඔබ ඇතුල්වීමට උත්සාහ කරන web අඩවියට හෝ පිටුවට ඇතුල් වීමට අවසර නොමැති බවයි.

4). 401 Unauthorized
මෙමගින් අදහස් වන්නේ web අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන username හා password යොදාගෙන ඇතුල් විය යුතු බවයි. නැතහොත් ඇතුල්වීමට අවසර ලබා නොදේ.

5). 408 Request Time Out
මෙමගින් කියවෙන්නේ ඔබගේන් යම් ප්‍රමාද දෝෂයක් සිදුව ඇති බවයි. එනම් ඇතැම් web අඩවි වල ලිපින click කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවන් අවස්ථා වල සිදුවන ප්‍රමාද නිසා මෙම error message එක ලැබේ.මෙහෙදී කල යුත්තේ නැවත වරක් ක්ෂණිකව click කර එම web පිටුවට යාමට උත්සහ කිරීමයි.

6). 500 server error
මෙය අන්තර්ජාල සේවා සපයන ආයතන වල ඇති servers වල දෝෂ නිසා ඇති වේ.ඒ නිසා කල යුත්තේ සුළු වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ද වීමට උත්සාහ කිරීමයි.

7). 502 server overload
මෙයින් කියවෙන්නේ ඔබ භාවිත කරන ලබන servers කාර්යබහුල තාව වැඩි වී ඇති බව හා එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පරිශීලකයන් පිරිසක් එකවර servers වලට සම්බන්ද වී ඇති බවයි. මෙහෙදී කල යුත්තේ ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිටීමයි.

8). 503 service unavailable
මින් කියවෙන්නේ internet service provider (ISP) ගේ යම් කිසි වරදක් ඇති බවයි.ඔබගේ සම්බන්දතාවය නතර කර ඇති විට මෙය දිස් වේ. එවිට සේවා සපයන ආයතනයට දැන්වීමෙන් මෙය නිවැරදි කර ගත හැක.

No comments: