Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, May 3, 2014

පරිගණක Virus පිලිබඳ ඔබ නොදත් දේ දැන්ම දැනගන්න


පරිගණක වයිරසයක් යනු කුමක්ද 
පරිගණක වැඩසහනකට ඇතුළු වී ස්වයං පිටපත් වීමේ හැකියාවක් සතු පරිගණක වැඩසටහනක් වයිරසයක් ලෙස හැදින්වේ. 

මෙම වැඩසටහන් වලට පරිගණක වයිරස් යන නම ලබාදුන්නේ ඇයි 
ඊට හේතුව නම් මෙම වැඩසටහන් ජීවී වය්රස මෙන් ස්වයන් පිටපත් වීමේ හැකියාව සහ ජීවත් වීමට දාරකයෙකු අවශ්‍ය වන්නා සේ මෙම වැඩසටහන් වෙනත් පරිගණක වැඩසටහන් තුල සැගවී සිටීමයි .

වයිරස පැතිරෙන්නේ කෙසේද 

වය්රස පැතිරෙන ප්‍රධානම මාද්‍ය නම් අන්තර්ජාලයයි . email ඒ සදහා වැඩි දායකත්වයක්ද දක්වයි  දත්ත එහා මෙහා රැගෙන යාමට භාවිතා කරන පෙන් , නම්‍ය තැටි ,සංගත තැටි , සංක්‍යාන්ක බහුවිධි තැටි වැනි දෘඩාංග වය්රස පැතිරීමට සෘජුවම දායක වෙයි . මීට අමතර පරිගණක ජාලවර්ග ද මේ සදහා දායකත්වයක් සපයයි .

වයිරස් නිසා සිදුවිය හැක්කේ මොනවද 

ප්‍රධාන හානිදායක දේවල් ටිකක් පහත දැක්වේ
  • තැන්පත් කර ඇති දත්ත සහ තොරතුරු විනාශ වීම
  • පරිගණක ස්ලෝ වීම
  • සමහර අවස්තාවලදී කලාතුරකින් පරිගණක දෘඩාංග වලට කෙලවීම 
  • තැන්පත් කර ඇති දත්ත හා තොරතුරු අවුල් වීම හෝ පිස්සු කෙලීම 
  • පරිගණකයේ ස්ථාපනය කාරී ඇති මෘදුකාංග වලට හානි වීම
  • පරිගණකය භාවිතා කරන්නාට අපහසුතාවයට පත්වීමට සිදු වීම සහ කාලය අපතේ යාම
වයිරස හදුනාගන්නේ කෙසේද 
පරිගණක පද්දතියකට වයිරස ආසාදන වූ විට පහත ඇති ලක්ෂණ 1ක් හෝ කිහිපයක් දැකිය හැකිය (සමහර අවස්ථාවල මේ ආසාදන වෙනත් හේතුන් නිසා ඇතිවීමට හැකි අතර ඒ පිළිබද සැලකිලිමත්ව බැලිය යුතුය )
  • පරිගණකයේ කිර්යාකාරි වේගය සාමාන්‍ය තත්වයට වඩා අඩු වීම .
  • පරිගණකය නිතර නිතර off වීම
  • පරිගණකය නිතර නිටහර restart වීම
  • සමහරක් මෘදුකාංග ක්‍රියා කිරීමට අපහසු වීම
  • සමහ මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය අවුල් වීම
  • සමහ මෘදුකාංග පරිගණකයෙන් ඉබේම ඉවත් වීම
  • ගොනු ඉබේම මැකීම
  • වැඩකට නැති ගොනු එකතුවීම
  • තිරයේ අසාමන්‍ය දැන්වීම් දර්ශනය වීම
  • නව මෘදුකාංග ස්ථාපනය කිරීමට නොහැකි වීම
  • මෙනු අවස්ථා හා සංවාද කොටුවල පිළිවෙල අවුල් වීම
  • තිරයේ විවිද රුප හෝ අයිකන් දර්ශනය වීම
  • විවිධ වූ ශබ්ද ඇසීම
  • පරිගණක තැටි දාවක ක්‍රියා නොවීම
  • පරිගණක තැටි දාවක නොකඩවා ක්‍රියාත්මක වීම
  • නිවැරදි ආකාරයෙන් මුද්‍රණය කිරීමට අපහසු වීම
  • මුද්‍රිත පිටපත්වල විවිධ විකාර පිටපත් වීම
  • පරිගණක තැටි වල ඉඩ තිබුනද නැතැයි කියා දර්ශනය වීම
  • පරිගණකය ක්‍රියාත්මක කිරීම සදහා අසාමාන්‍ය කාලයක් වැය වීම
වයිරස ඉවත් කරන්නේ කෙසේද  
වයිරස ඉවත් කිරීමට යොදාගත හැකි හොදම ක්‍රමය වන්නේ යාවත්කාලින කරන ලද ප්‍රතිවයිරස මෘදුකාංග භාවිතා කිරීමයි .නොමිලේ ලබාදෙන ප්‍රතිවයිරස මෘදුකාංග කිහිපයක් පහත දැක්වේ

වයිරස වලින් ආරක්ෂා වන්නේ කෙසේද
  • Firewall ක්‍රියාත්මකව තැබීම
  • නිවැරදි ආකාරයෙන් backup ගොනු පවත්වාගෙන යාම
  • ප්‍රතිවයිරස වැඩසටහන් යතාවත්කාලින කිරීම සහ ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මකව තැබීම
  • සාමන්‍ය භාවිතය සදහා administrator ගිණුමක් වෙනුවට user ගිණුමක් භාවිතා කිරීම
  • නිතරම අව්‍යාජ මෘදුකාංග භාවිතා කිරීම
  • නොදන්නා වෙබ් අඩවි වලට නොයාම
  • තමන් වෙත ලැබෙන email පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීම
  • දත්ත ඇතුළු කිරීමට භාවිතා කරන ක්‍රම සුරක්ෂිතව සිදු කිරීම
වෙනත් හානිකර වැඩසටහන්
Worms
ස්වයන්ක්‍රීයව පිටපත් විය හැකිය .දාරක වැඩසටහනක් අවශ්‍ය නැතුව ෆයිල් එකක් ආකාරයට පැතිරිය හැකිය. පරිගණක ජාලවලදී මේවා ඉක්මනටම පැතිර යන අතර මෙයින් වඩාත් බරපතල හානි සිදු විය හැකිය

  • Trojan Horse - ප්‍රයෝජනවත් වැඩසටහන් ලෙස දැකුමට හැකි නමුත් විනාශකාරී ක්‍රියාවන් සිදු කරයි
  • Spyware - පරිගණකයේ තොරතුරු සහ පරිගණකය තුල සිදු කරන කාර්යන් පිටතට ලාබදෙයි
  • Adware - අන්තර්ජාලය තුල සැරිසැරීමේදී විවිධ අනවශ්‍ය දැන්වීම් නොකඩවා පල කරවයි
  • Hijacker - පරිගණක ගත වූ දත්ත සහ තොරතුරු කොල්ල කයි
  • Dialer - මෙය බලපෑමක් වන්නේ මොඩම් භාවිතා කරන අයටය... මේ නිසා අවුනට අනපේක්ෂිත දුරකතනක බිලක් ගෙවීමට සිදු විය හැකිය
  • Logger - විවිද logger ඇත .. මේවයින් සිදු කරනුයේ private තොරතුරු මංකොල්ලා කෑමයි
  • Spam - අනවශ්‍ය email තම email ගිණුමට නොකඩවා පැමිණීම සිදු කරයි

පරිගණක හානිකර වැඩසටහන් වලට ප්‍රතිවිරුද්ධ මෘදුකාංග  

අනිෂ්ට මෘදුකාඟ - ප්‍රතිවිරුද්ද මෘදුකාංග
  • Virus - Antivirus
  • Worms - Antivirus
  • Trojan Horse - Antivirus
  • Spyware - Antispyware
  • Adware - Antiadware/Popup Blockers
  • Hijacker - Antihijacker
  • Dialer - Antidialer
  • Logger - Antilogger
  • Spam - Antispam

No comments: