QR Code යනු Quick Response Code සංක්ෂිප්තව ලියන ආකාරයයි. මෙය න්‍යාසාකාර barcode වර්ගයක්. එනම් QR Code එකක් ද්විමානයි. පළමුවෙන්ම QR Code භාවිතා කොට තිබෙන්නේ වාහන නිශ්පාදන ක්ෂේත්‍රයේයි. නමුත් එහි ඇති ඉක්මනින් කියවා ගැනීමට හැකි වීමේ ගුණාංගය හා වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව නිසා අනෙක් ක්ෂේත්‍ර දක්වා ඉක්මනින් ව්‍යාප්ත වුණා. QR Code එකක් සුදු පසුබිමක කළු කොටු තිත් රැසකින් සමන්විතයි. මෙහි ඉලක්කම්, අක්ෂර, ද්විමය සංඛ්‍යා හා කන්ජි ලෙස හඳුන්වන ජපන් අක්ෂරද ගබඩා කොට තැබිය හැකියි.
ජපානයේ ටොයෝටා ආයතායට අනුබද්ධිත Denso ආයතනය විසින් 1994දී මුල් වරට QR Code සොයාගනු ලැබුවා. ඒ වාහන නිශ්පාදනයේදී ප්‍රජෝජනය උදෙසා. සිහින් ආලෝක කදම්භයක් මගින් පරිලෝකනය කෙරෙන පැරණි barcode මෙන් නොව මේවා කියවීම සඳහා ද්විමාන රූපයක් ලෙස පින්තූර සංවේදකයකින් ග්‍රහණය කරගනු ලබනවා. ඉන් අනතුරුව ඩිජිටල් කරණය වන එම පින්තූරය වැඩසටහන් ගත කරන ලද සකසනයක් මගින් විශ්ලේෂණය කරනවා. එහිදී එම සකසනය මගින් QR Code එකෙහි ඇති සුවිශේෂී විශාල කොටු තුන මුලින්ම හඳුනා ගන්නවා. එමගින් QR Code එකෙහි විශාලත්වය හා දිශානතිය නිර්ණය කරනු ලබනවා. දකුණූ පස පහළ කෙළවරේ ඇති කුඩා සුවිශේෂී කොටුව මගින් QR Code එක ඇති ආනතිය හඳුනා ගැනෙනවා. ඉන්පසු ඉතිරි තිත් ද්විමය සංඛ්‍යා වලට හරවා වැරදි නිවැරදි කරනවා.
පසු කාලීනව ජපානයේ NTT Docomo සමාගම විසින් URL, දුරකථන අංක ආදී බොහෝ දත්ත QR Code සමඟ භාවිතා කළ හැකි ලෙස දියුණු කරනු ලැබුවා.නිදහස් කේත ව්‍යාපෘතියක් වන ZXing මගින් QR Code හා භාවිතා කළ හැකි දත්ත වර්ග පිළිබඳව කටයුතු කරනු ලබනවා.
අද වන විට QR Code බොහෝ ජනප්‍රිය මට්ටමකට පැමිණී තිබෙනවා. බොහෝ අවස්ථාවල වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ QR Code භාවිතය පුළුල්ව දැකිය හැකියි. මහා මාර්ග වල සවි කොට ඇති විශාල දැන්වීම් පුවරුවක කොහේ කෝ QR Code එකක් සටහන් කොට ඔවුන්ගේ වෙබ් අඩවියට මිනිසුන් ගෙන්වා ගැනීමට ඔවුන් අමතක කරන්නේ නැහැ. එමෙන්ම විසිටිං කාඩ් වලත් දැන් QR Code එකක් අන්තර්ගත කරනවා. එමගින් තමන්ගේ පෞද්ගලික වෙබ් අඩවියට කාඩ්පත බලන්නාට පහසුවෙන් පිවිසිය හැකියි. තව දුරටත් ඉදිරියට යමින් රාජ්‍ය පාලන කටයුතු හා ආරක්ෂක කටයුතු වලදී භාවිතා කරන ව්විධ හැඳුනුම් පත් සඳහාද QR Code අන්තර්ගත වනවා. QR Code මේ තරම් ජනප්‍රියත්වයට පතීමට මූලිකම හේතුව වූයේ සෑම දෙනාගේම සාක්කුවට ස්මාට් ජංගම දුරකථනයක් පැමිනීම කිව්වොත් නිවැරදියි. ඔබ භාවිතා කරන සෑම ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයකම පාහේ QR Code කියවනයක් දැකිය හැකියි.
QR Code එකක අන්තර්ගත කළ හැකි දත්ත ප්‍රමාණය අදාළ දත්ත වර්ගය මත, 1 සිය 40 දක්වා වූ QR Code සංස්කරණය මත හා වැරදි නිවැරදි කිරීමේ හැකියාව මත රඳා පවතිනවා. QR Code 40 වන සංස්කරණයේ වැරදි නිවැරදි කිරීමේ හැකියාව L ලෙස තිවියදී රැධවිය හැකි උපරිම දත්ත ප්‍රමාණයන් මෙසේයි.
ඉලක්කම් පමණක් - උපරිම අක්ෂර 7,089 (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9)
ඉලක්කම්, අකුරු හා සංඛේත - උපරිම අක්ෂර 4,296 (0–9, A–Z [කැපිටල් පමණක්], space, $, %, *, +, -, ., /, :)
ද්වීමය/අෂ්ඨමය - උපරිම අක්ෂර 2,953 (8-bit bytes) (23624 bits)
ජපන් කන්ජි අක්ෂර - උපරිම අක්ෂර 1,817
මේ QR Codes අවශ්‍ය නම් DES algorithm භාවිතයෙන් encrypt කිරීමට පවා හැකියාව තිබෙනවා. එවිට එය සෑම දෙනාටම කියවීමට නොහැකියි.
QR Code එකක් හානියකට ලක් වුවත් එහි දත්ත යම් ප්‍රමාණයකට කියවා ගත හැකියි. ඒ වැරදි නිවැරදි කිරීමේ කේත භාවිතයෙන්. මේ සඳහා භාවිතා වන මට්ටම් 4ක් තිබෙනවා. එනම්,
- Level L (Low) 7% ක් දත්ත නැවත සකස් කළ හැකියි.
- Level M (Medium) 15% ක් දත්ත නැවත සකස් කළ හැකියි.
- Level Q (Quartile)[28] 25% ක් දත්ත නැවත සකස් කළ හැකියි.
- Level H (High) 30% ක් දත්ත නැවත සකස් කළ හැකියි.
QR Code කියවන
For Apple IOS
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
For Android
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
QR Code සාදා ගැනීමට පහල ලිනක්ස් වලට යන්න
1. I-Nigma කේත නිපදවනය
Click Here
2. Kaywa කේත නිපදවනය
Click Here
ඔබේ අදහස් එහෙම තියනවා නං Comment කරන්න අමතක කරන්න එපා හරිද.