ඔන්න මම අද පරණ පොඩි Gadget එකක අලුත් Version එකක් ගෙනාව. මේ අලුත් version එක ටිකක් වෙනස් වෙලා තියෙන්නෙ. ගොඩක් යට මේකට ලොග් වෙන්ඩ බැලූ. ඉතින් අද මම සම්පුර්ණ විස්තරයක් දෙනවා. මේකෙ නම තමා SLT Usage Meter. නම මේක උනාට මේක මේ SLT site එකට ගිහින් බලන සීන් එක නෙමේ. මේක වෙබ් browser එකට එන Addon එකක්. මේක Chrome & Firefox දෙකටම නියමටම සෙට් වෙනවා. මේක ඉතින් ගොඩක් ප්රයෝජනවත් වෙන්නෙ SLT Broadband Users ලට විතරයි.
එහෙනං පටන් ගමු.
1. මේ Addon එක අලුත් වෙලා හින්දා මේක use කරන්ඩ නං මුලින්ම පහල තියන Link එකට ගිහින් Register වෙන්ඩ ඕනේ. කලින් register වෙලා තියේ නං කෙලින්ම ඊලග Step එකට යන්න
https://www.internetvas.slt.lk/SLTVasPortal-war/register/register.jsp
1. ඔයාගෙ Email Address එක
2. ඔයාගෙ Mobile Phone නම්බර් එක
3. SLT Broadband Connection එකේ Username එක. ( අර tp no එකත් එක්ක තියෙන්නෙ )
4. SLT Broadband Connection එකේ Password එක. අර Connection එක ගද්දි SLT කාරයෝ දෙන Pass එක
5. දැන් මේ හදන්න යන Account එකට දාන Password එක
6. මේක නං දන්නවනේ.
2. ඔන්න Register click කරපු ගමන් email එකක් එයි. එකේ තියන confirm link එක click කරලා account එක activate කරගන්න
3. දැන් පහල තියන ලින්ක් වලින් තමන්ට ඕනේ ලින්ක් එක තෝරලා Addon එක Download කරගන්න
Firefox අය මෙතනින් බාගන්න
Chrome අය මෙතනින් බාගන්න
4. Install උනාට පස්සේ addon එකේ icon එකක් address bar එක ඉස්සරහට එයි. එක click කරාම එන window එකේ Broadband Username එක ගහල Next කරන්න. ඊට පස්සේ අර ඔය හදපු account එකේ password එක ගහල Save කරන්න.
5. දැන් හරි දැන් ඔයාලට usage එක මේකෙන් බලාගන්ඩ පුළුවන්. Usage එක උද click කරද්දී Peak & Off Peak usage වෙනස් වෙලා පෙන්නයි.
මෙන්න screenshot ටිකක්
No comments: